SlideShow

0

විවෘත කර ගැනීමට අපමණ දොරටු ඇත.

බුද්ධිමත්ව කල්පනා කිරීම නම්, නිර්මාණශීලීව සිතීමයි. එසේ කල්පනා කිරීමෙන් ජීවීතයේ සාර්ථක භාවය මත, ජීවිතය හසුරුවා ගැනීමේ ස්වාමියා ඔබ බවත්, කෙතරම් අමාරු වුවත් එය සත්‍යයක් බවත්  ඔබට වැටහෙයි.
බුද්ධිමත්ව කල්පනා කිරීමෙන් ඔබේ මනස පිරිසිදු වෙයි. පැහැදිලි වෙයි. සිත නිදහස් වෙයි. ජීවිතය උපරිම සාර්ථකත්වයකට පත් වෙයි.


ඔබේ මනසට ඉදිරිපත් වන වැදගත් අදහස් ලියා තැබීම පුරුද්දක් කර ගන්න. සිතීමෙන් හා පොත පත කියවීමෙන් ඔබට හමු වූ, වටිනා අදහස් ලියා තබන ඔබේ ඒ බ්ලොග් අඩවිය වටිනා නිධානයක් වෙයි. එසේ ලිවීම නිසා එම වටිනා කල්පනා ඔබේ මනසෙහි ස්ථීරව තැන්පත් වෙයි.


නොපැහැදිලි ඉබාගාතේ යන කල්පනා එසේ ලිවීමේදි වඩා පැහැදිලි වෙයි. තව තවත් වැඩි දියුණු වෙයි. මෙවැනි බ්ලොග් අඩවියක් භාවිතා කිරීම මනස පැහැදිලිවත්, තර්කානුකූලවත් පුහුණු කර ගැනීමට ඉතා ප්‍රයෝජන දායකය.

නුවණැති වීමට කෙටි මාර්ගයක් නැත. උසස් දැනුමක් ලබා ගැනීමට උත්සාහයත්, නිවැරදි භාවයත්, අවධානයත් අවශ්‍ය ය. පිළිවෙලක් නැති කියවීමත්,අතරින් පතර කෙරෙන ඉගෙනීමත් මඟින් ඔබට කිසියම් දැනුමක් ලැබිය හැකියි. එහෙත් උසස් දැනුමක්වත් , සංස්කෘතික හුරුවක්වත් ඉන් නොලැබෙයි. ඔබට ඇති සාමාන්‍ය හැකියාව උද්යෝගය සමඟ එක් වීමෙන් පමණක් පුදුමාකාර උසස් ප්‍රතිපල ගෙන එනු ඇත.


බුද්ධිය සහජ දීමනාවක් වුවත් එය විකාශනය කර ගත යුතුය. ඒ සඳහා දැරිය යුතු වියදම නම් වෑයමෙන් ක්‍රියාවේ යෙදීමයි. ඔබ සතුව දැනට ඇති මානසික ශක්තිය භාවිතය ඔබේ අනාගත සාර්ථකත්වයට අධික බලපෑමක් ඇති කරයි.


අළුත් දෙයක් ආරම්භ කිරීමට, වෙනස් ආකාරයකට ක්‍රියා කරන්නට,අත්හදා බලන්නට,ගවේශණය කරන්නට බිය නොවිය යුතුයි. අළුත් ක්ෂේත්‍ර වලට පිවිසෙන්නට, අළුත් ව්‍යාපාරයක් අරඹන්නට පසුබට නොවන්න.


 අනාවරණය කර ගත යුතු අප නොදන්නා දේ තව බොහෝ ඇත. ඩෙන්මාර්ක් ජාතික සුප්‍රසිද්ධ මූර්ති ශිල්පි බර්ටල් ගෙන් මිතුරෙක් මෙසේ විමසී ය.
"ඔබ නිමා කළ මූර්ති අතුරින් ඉතා ම විශිෂ්ට නිර්මාණය කුමක් ද?"
" ඊළඟට මා නිර්මාණය කරන කෘතියයි!"
යනු ඔහුගේ පිළිතුර විය. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය තවම ලිය වී නැත. ඉතා ම වේගවත් ගුවන් යානය තවම සාදා නැත. ඕනෑම ක්ෂේත්‍රයක  විශිෂ්ටතම නිර්මාණය ඉදිරියේදී නිම කිරීමට ඇත. ඔබට විවෘත කර ගැනීමට තව කෙලවරක් නැති දොරටු ඇත.


අළුත් දෙයක් අදම තෝරා ගන්න..........


0

තෙත බරිතයි


තෙත බරිතයි........
රාත්‍රිය තෙත බරිතයි..
මගෙ සිහින තෙත බරිතයි..
අපේ වදන් තෙත බරිතයි..
මගේ තෙමුණු ඇස් තවත් තෙමෙයි.
මගේ සිහින සෙවණැලි නෙත් මත කඩා හැලේ........
මොහොතක දී මා සිනා ගන්වයි....
මොහොතක දී මා හඬවයි....
එහෙත් මන්ද මේ හිස් බවක්?
මේ කිනම් ජිවිතයක් ද කියා කිසිවෙකු නොදනී.
මෙය අවසන් නොවූ කථාවකී....


කුණාටු අවදි වන මොහොතේ,
කුණාටු නිදියන මොහොතේ,
ඔබේ නුවන් හැඬුවා සේ පෙනේ.......
දෙවියන් උරණ වෙලා........
සියලු දේ නැති වෙලා......
ජීවිතය අර්ථ විරහිතයි...



0

ආරම්භය!



දහවල මෙන්ම රාත්‍රිය ද දිගු වූ කල රාත්‍රියේ හිමිකරු ඔබ ය.
ඔබ ජීවිතය ගැන තෘප්තිමත් වූ දින ඔබ ජීවිතයෙන් සමු ගන්න.
ඔබේ සිතුවිලි ගසා යාමට ඉඩ නොදෙන්න.
සැවොම අඬයි. සැවොම විඳවයි. 
ඒත් සමහර විට,
සමහර විට සියලු දේ සාවද්‍යයයි.
සැවොම විඳවයි. මිතුරන් සොයා යන්න.
සැවොම විඳවයි. දෑත් දිගු නොකරන්න.
ඔබ තනි වී ඇත්දැයි සිතේ ද?
ඒත් එය එසේ නොවේ.