SlideShow

0

තෙත බරිතයි


තෙත බරිතයි........
රාත්‍රිය තෙත බරිතයි..
මගෙ සිහින තෙත බරිතයි..
අපේ වදන් තෙත බරිතයි..
මගේ තෙමුණු ඇස් තවත් තෙමෙයි.
මගේ සිහින සෙවණැලි නෙත් මත කඩා හැලේ........
මොහොතක දී මා සිනා ගන්වයි....
මොහොතක දී මා හඬවයි....
එහෙත් මන්ද මේ හිස් බවක්?
මේ කිනම් ජිවිතයක් ද කියා කිසිවෙකු නොදනී.
මෙය අවසන් නොවූ කථාවකී....


කුණාටු අවදි වන මොහොතේ,
කුණාටු නිදියන මොහොතේ,
ඔබේ නුවන් හැඬුවා සේ පෙනේ.......
දෙවියන් උරණ වෙලා........
සියලු දේ නැති වෙලා......
ජීවිතය අර්ථ විරහිතයි...



0

ආරම්භය!



දහවල මෙන්ම රාත්‍රිය ද දිගු වූ කල රාත්‍රියේ හිමිකරු ඔබ ය.
ඔබ ජීවිතය ගැන තෘප්තිමත් වූ දින ඔබ ජීවිතයෙන් සමු ගන්න.
ඔබේ සිතුවිලි ගසා යාමට ඉඩ නොදෙන්න.
සැවොම අඬයි. සැවොම විඳවයි. 
ඒත් සමහර විට,
සමහර විට සියලු දේ සාවද්‍යයයි.
සැවොම විඳවයි. මිතුරන් සොයා යන්න.
සැවොම විඳවයි. දෑත් දිගු නොකරන්න.
ඔබ තනි වී ඇත්දැයි සිතේ ද?
ඒත් එය එසේ නොවේ.