තෙත බරිතයි........
රාත්‍රිය තෙත බරිතයි..
මගෙ සිහින තෙත බරිතයි..
අපේ වදන් තෙත බරිතයි..
මගේ තෙමුණු ඇස් තවත් තෙමෙයි.
මගේ සිහින සෙවණැලි නෙත් මත කඩා හැලේ........
මොහොතක දී මා සිනා ගන්වයි....
මොහොතක දී මා හඬවයි....
එහෙත් මන්ද මේ හිස් බවක්?
මේ කිනම් ජිවිතයක් ද කියා කිසිවෙකු නොදනී.
මෙය අවසන් නොවූ කථාවකී....
කුණාටු අවදි වන මොහොතේ,
කුණාටු නිදියන මොහොතේ,
ඔබේ නුවන් හැඬුවා සේ පෙනේ.......
දෙවියන් උරණ වෙලා........
සියලු දේ නැති වෙලා......
ජීවිතය අර්ථ විරහිතයි...

0 comments:
Post a Comment